පාටලීපුත්ර
ඉන්දියාවේ පුරාතන නගරය / From Wikipedia, the free encyclopedia
නූතන පැට්නාවට යාබදව පිහිටි පාටලීපුත්ර (IAST: Pāṭaliputra) පුරාතන ඉන්දියාවේ පැවති නගරයකි. ක්‍රි.පූ. 490 පමණ මගධයේ පාලක උදයින් විසින් කුඩා බලකොටුවක් (පාටලීග්‍රාම) ලෙස ගොඩනැගූ මෙය ගංගා නදිය අසල පිහිටියේ ය.[1]
විකල්ප නම | පාටලීපුත්ත (පාලි) |
---|---|
පිහිටීම | පැට්නා දිස්ත්‍රික්කය, බිහාර්, ඉන්දියාව |
කලාපය | දකුණු ආසියාව |
ඛණ්ඩාංක | 25°36′45″N 85°7′42″E |
උන්නතාංශය | 53 m (174 ft) |
දිග | 14.5 km (9.0 mi) |
පළල | 2.4 km (1.5 mi) |
ඉතිහාසය | |
ගොඩනැගූ තැනැත්තා | අජාතශතෘ |
ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 490 |
අත්හළ දිනය | වර්තමාන පැට්නා බවට පත් විය |
මෙය හා සම්බන්ධිත ය | හරියංකයෝ, නන්දයෝ, මෞර්යයෝ, ශුංගයෝ, ගුප්තයෝ, පාලයෝ, ශේර් ෂා සූරි |
කළමනාකරණය | භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය |
මෙය ශිශුනාග අධිරාජ්‍යය (ක්‍රි.පූ.. 413–345), නන්ද අධිරාජ්‍යය (ක්‍රි.පූ. 460 හෝ 420–325), මෞර්ය අධිරාජ්‍යය (ක්‍රි.පූ. 320–180), ගුප්ත අධිරාජ්‍යය (ක්‍රි.ව. 320–550), සහ පාල අධිරාජ්‍යය (ක්‍රි.ව. 750–1200) වැනි බලවත් රාජ්‍ය යටතේ අගනගරයක් ලෙස පැවතී ඇත. මෞර්ය යුගයේ දී, මෙම නගරය ලොව විශාලතම නගරවලින් එකක් ලෙස සැලකිණි. ග්‍රීක තානාපති, දේශාටක සහ ඉතිහාසඥ මෙගස්තීනිස්ට අනුව, මෞර්ය අධිරාජ්‍ය සමයේ (ක්‍රි.පූ.. 320–180 පමණ) මෙය ලොව වඩාත් සඵල ප්‍රාදේශීය ස්වයං පාලන තන්ත්රයක් පැවති මුල්ම නගර අතුරින් එකකි.[2] ක්‍රි.ව. 7වන සියවසේ සිට පරිහානියට පත්වෙමින් පැවති පාටලීපුත්රය ශේර් ෂා සූරි (1538–1545) පාලන සමයේ දී යළි පුනර්ජීවයක් ලද අතර, එය පැට්නා ලෙස නම් කෙරිණි.
නූතන පැට්නා පරිශ්‍රයෙහි පුරාවිද්‍යා කැනීම් ගණනාවක් සිදුකොට තිබේ.[3][4] 20වන සියවස අවට කාලයේ පැට්නාවේ සිදුකරන ලද කැනීම්වලින් දැවමය ආධාරක යොදා සවිබල ගැන්වූ විශාල ප්රාකාරයක නටබුන් හමු විය.[5][6]