ගාල්ල
සුන්දර ගාල්ල නගරය / From Wikipedia, the free encyclopedia
ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවිශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.
ගාල්ල Galle காலி | |
---|---|
නගරය | |
ගාලු නගරය | |
ඉහළ වම සිට දක්ෂිණාවර්තව: Galle Temple, Aerial view of Galle Fort, Interior of the Galle Fort, St. Aloysius College, Galle View of the Galle International Stadium from the Fort, Dutch Reformed Church of Galle, Galle Municipal Council | |
ඛණ්ඩාංක: 06°01′58″N 80°12′56″E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
සරිය | |
• මුළු | 16.5 කිමී2 (6.4 සතරැස් සැත) |
ජනගහණය(2011) | |
• මුළු | 99,478 |
• ඝණත්වය | 613/කිමී2 (1,590/වර්ග සැත) |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: iv |
මූලාශ්‍ර | 451 |
අභිලේඛනය | 1988 (10th සැසිය) |
ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය , මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තයට මෙන්ම කලුවර කැටයම් හා කැස්බෑපොතු කැටයම් සඳහා ද ප්‍රසිද්ධියක් උසුලයි.
ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ප්රමුඛ වේ.දේශපාලන ක්ෂේත්රයට සම්බන්ධ වූ සුප්‍රසිද්ධ චරිත ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා,එච්.ඩබ්.අමරසූරිය මහතා,විජයානන්ද දහනායක මහතා ආදීන් හදුන්වා දිය හැකි වේ.